FAST NEWS

24×7 Around the Globe

දැරියක් අපයෝජනය කළ බවට චෝදනා එල්ලවූ ක්‍රිකට් ක්‍රීඩකයා වෙත ලැබුණු තීන්දුව මෙන්න…

 

කුඩා දැරියක් අපයෝජනය කළ බවට චෝදනා එල්ලවූ බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩක Shahadat Hossain නිදොස් කොට නිදහස් කර තිබේ.

මෙම ක්‍රීඩකයාට සහ ඔහුගේ බිරිඳට ඉහත අපයෝජන චෝදනාව එල්ල වූයේ අදාළ එකොළොස් වියැති දැරියට ශාරීරික වධ හිංසා කළ බවටයි.

මොවුන්ගේ මෙම මෙහෙකාර දැරිය තුවාල ලබා තිබීම හේතුවෙන් චෝදනාව එල්ලවූ ක්‍රිකට් ක්‍රීඩක Shahadat Hossain අත්අඩංගුවට ගෙන තිබුණි.

කෙසේ වෙතත් අධිකරණය විසින් Shahadat Hossain සහ ඔහුගේ බිරිඳ නිදොස් කර නිදහස් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.