FAST NEWS

24×7 Around the Globe

ඩොනල් ට්‍රම්ප්ව හදිසියේ වේදිකාවෙන් ඉවතට දමයි… (වීඩියෝ)

 

ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ඊයේ(05) පැවති රිපබ්ලිකන් ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේ වේදිකාවෙන් ඉවතට රැගෙන යාමට FBI ඔත්තු සේවා නිලධාරීන් කටයුතු කර තිබේ.

එසේ සිදු කිරීමට හේතු වී ඇත්තේ ට්‍රම්ප් කථා කරමින් සිටින අතරතුර යාබද ස්ථානයක සිදුවූ සැක කටයුතු සිද්ධියක් නිසාවෙනි.

එම ස්ථානය පරීක්ෂා කළ FBI ඔත්තු සේවා නිලධාරීන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමරිකානු ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ රැළිය පැවති භූමියේ තිබී ආයුධ කිසිවක් හමු නොවූ බවයි.

කෙසේ නමුත් විදෙස් වාර්තා සඳහන් කළේ වේදිකාවෙන් මොහොතකට ඉවතට ගිය ට්‍රම්ප් සිය කථාව අවසන් කිරීම සඳහා නැවත වේදිකාවට පිවිසුණු බවයි.

වීඩියෝව පහතින්..