විශාරද පණ්ඩිත් අමරදේව මහතාගේ වියෝව පිළිබඳව ලාංකිකයින් මෙන්ම පිටරට වල සිටින සංගීතඥයින් ද ශෝකය පළකර තිබේ.
ඒ අතර එංගලන්තයේ යෝක් හි සිටින Joska de Langen නම් සංගීතඥයා සිය ෆේස්බුක් සටහනක් මගින් පෙන්වා දෙන්නේ පණ්ඩිත් අමරදේවයන් කාගේත් ගෞරවයට ප්‍රාත්‍ර වන සංගීතඥයෙක් බවයි.
එසේම ඔහුට පිදෙන ගෞරවයක් ලෙස අමරදේවයන් ගායනා කළ “ආදරයද මේ” ගීතය ඔහු මේ වන විට ගායනා කිරීමට පුරුදු වෙමින් සිටින බවද එම සටහනේ ඔහු දක්වා තිබේ.
එම ගීතය නුදුරේම අපට දැකගැනීමට හැකිවන බවද ඔහු සටහනේ වැඩිදුරටත් දක්වා තිබේ.
Joska de Langen ශ්‍රී ලාංකික සංගීතයට බෙහෙවින් ලැදි සංගීතඥයෙක් වන අතර ඔහු ලාංකික අපට සමීපවන්නේ ඩබ්.ඩී අමරදේවයන්ගේ “සසර වසනතුරු” ගීතය සහ වික්ටර් රත්නායකයන්ගේ “අප හැඟුම් වලට” ගීතය අපූරුවට ගායනා කිරීමත් සමගය.
ශ්‍රී ලාංකිකයික් බොහෝ දෙනෙකු ඔහුගේ එම දක්ෂතාවය අගය කර තිබීමද විශේෂත්වයක් වේ.
එම ගීත පහතින්..










