FAST NEWS

24×7 Around the Globe

ඇන්ජලෝ මැතිව්ස්ට සහ සෙසු ක්‍රීඩකයන්ට දඩයක්.

පාකිස්ථානය සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයේදී නියමිත කාලසීමාව තුළ නියමිත පන්දුවාර සංඛ්‍යාව යැවීමට ශ්‍රී ලංකා පිල අසමත්වීම නිසා නායක ඇන්ජලෝ මැතිව්ස් වෙත දඩයක් පනවා තිබේ.

තරඟ තීරක ක්‍රිස් බ්‍රෝඞ් කළ පැමිණිල්ලට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මැතිව්ස්ට නියම කර ඇත්තේ තරඟ ගාස්තුවෙන් 20% ක දඩයකි.

ඊට අමතරව, කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ට තරඟ ගාස්තුවෙන් 10% බැගින් දඩ පැනවේ.

පී සරා ඕවල් පිටියේ පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලූ 7 ක ජයක් අත්වූ අතර තුන්වන ටෙස්ට් තරඟය ලබන සිකුරාදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමතයි.