FAST NEWS

24×7 Around the Globe

තුන්කොන් සටනට ශ්‍රී ලංකා සංචිතයට 15 ක් නම් කෙරේ – නායකත්වය තරංගට, උපනායක කුසල්..

බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබව්වේ කණ්ඩායම් සමග එළඹෙන  14 වැනිදා  ආරම්භ වීමට නියමීත තුන්කොන් එක්දින තරගාවලිය සඳහා වු ශ්‍රී ලංකා එක්දින සංචිතය ක්‍රිකට් ආයතන නිළ වශයෙන් නිවේදනය කර ඇති අතර එහි නායකත්වය උපුල් තරංගට හීමිව ඇත.

එසේම කණ්ඩායමේ උප නායකත්ව නායකත්වය  කුසල් ජනිත් පෙරේරා වෙත ලබා දී  ඇති අතර කළකට පසුව නුවන් කුළසේකර හට එක්දින කණ්ඩායමේ ස්ථානයක්ද හිමීව තිබේ.

නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් අබාධ තත්වයක් හේතුවෙන් මෙම තරගාවලියට සහභාගී නොවේ.

එසේම ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රීකට් තරගය හෙට (06) ආරම්භ වීමට නියමීත වේ..

සංචිතය පහතින්…

14947783_419465078177208_3711211983533839355_n-392x420