FAST NEWS

24×7 Around the Globe

ICC ය විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරිම ස්ථිර කරයි..!

පිටියේ විනිසුරුවන්ගේ තීරණ අභියෝගයට ලක් කිරීමේ DRS ක්‍රමය අනිවාර්ය කිරීම පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ අවධානය යොමුවී තිබේ.

මේ වනවිට එම ක්‍රමය භාවිත කෙරෙන්නේ එක් එක් රටවල ක්‍රිකට් පාලක මණ්ඩලවල අනුමැතියට යටත්වයි.

ඉන්දියාව මෙතෙක් DRS ක්‍රමය අනුගමනය නොකළ අතර, එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී එය අත්හදා බැලීමට එකගත්වය පළ කළේය.

DRS ක්‍රමය සදහා අවම තාක්ෂණික අවශ්‍යතාවන් සැකසීම සදහා අන්තර්ජාතික ක්‍රිකට් කවුසිලයේ ක්‍රිකට් කමිටුව අනිල් කුම්බ්ලේගේ ප්‍රධානත්වයෙන් ලබන වසරේ පෙබරවාරි මාසයේදී රැස්වීමට නියමිතය.

ඉන් අනතුරුව DRS ක්‍රමය ටෙස්ට් තරග සදහා අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව වාර්තා වේ.