FAST NEWS

24×7 Around the Globe

කිරිපිටි මිල වැඩි කිරීමට රජය අවසර ලබා දී නොමැති බව රවී පවසයි…

ආනයනික කිරිපිටි මත වැට් බදු පැනවීම හේතුවෙන් කිරිපිටි මිල කිසිදු අයුරකින් වැඩි නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා තිබේ.

නොවැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක වන නව සංශෝධිත වැට් බදු පනත මගින් ආනයනික කිරිපිටි, වැට් බද්දට යටත් කර තිබේ.

එහෙත් දැනටමත් කිරිපිටි වර්ග සඳහා උපරිම සිල්ලර මිල පාලනයක් නියම කර ඇති බැවින්, අදාළ ආනයනික සමාගම් වලට අනුමැතියකින් තොරව මිල වැඩි කිරීමට හැකියාවක් නැති අතර අලුතින් පනවා ඇති මෙම නව වැට් බද්ද මත කිරිපිටි මිල වැඩි කිරීමට හෝ එම බද්ද ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ජා කිරීමට සූදානම් බව එම සමාගම් විසින් දන්වා තිබේ.

කිරිපිටි ආනයනකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන කරුණුවල සත්‍යතාවයක් තිබේ නම්, ඒ පිළිබඳව සොයා බලා ඔවුන්ට වෙනත් සහනයක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය විසින් කටයුතු කිරීම සිදු වේ.

කෙසේ වෙතත් දැනට පාරිභෝගික අධිකාරිය මගින් පනවා ඇති, කිරිපිටි ග්‍රෑම් 400 ක් සඳහා රුපියල් 325 ක් ද, කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 810 ක් ද වන පාලන මිල කිසිදු අයුරකින් වෙනස් නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා තිබේ.