FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය රජය NDTV වසයි…?

 

ඉන්දියාවේ ජනප්‍රියතම ප්‍රවෘති නාලිකාව වන NDTV සඳහා පැය 24 ක කාලයක් විකාශය තහනම් කිරීමට ඉන්දිය රජය තීරණය කර තිබේ.

එයට හේතුව ලෙස වාර්තා වන්නේ පසුගිය ජනවාරි මාසයේ දී පතාන්කෝට් ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයේ සංවේදී දර්ශන විකාශය කිරීමයි.

එහෙත් NDTV ආයතනය මේ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ තමන් නිසි ලෙසට මාධ්‍ය වගකීම ඉටුකළ බවයි.

ජනවාරි මස සිදු වූ මේ ප්‍රහාරයෙන් සොල්දාදුවන් හත්දෙනෙකු සහ ත්‍රස්තයන් හයදෙනෙකු මිය ගිය බව සදහන් වේ.

මේ තහනම මේ මස 9 වැනිදා ක්‍රියාත්මක වීමට නියමිත බව වාර්තා වේ.