FAST NEWS

24×7 Around the Globe

IS ත්‍රස්ත නායක අබුබකර් අලුත්ම හඩ පටයෙන් ඊලගට ආක්‍රමණයට කරන රට ගැන හෙළිකරයි…

 

ඉරාකයේ මොසුල් ( Mosul Iraq ) නගරය අත්පත් කර ගැනීමේ සටන අත්හරින්නේ නැති බව IS ත්‍රස්ත නායක අබුබකර් අල් බැග්ඩෑඩ් ප්‍රකාශ කර තිබේ.

ඔහු නිකුත් කළ නවතම හඬ පටයක මේ බව සඳහන් වන අතර තුර්කිය ආක්‍රමණය කිරීමට ද කටයුතු කරන බව අබුබකර් අල් බැග්ඩෑඩ් එම හඬ පටයෙන් අවධාරණය කර තිබේ.

ඉරාක හා කුර්දි හමුදා භට පිරිස් මොසුල් නගරයේ ගම්මාන රැසක බලය මේ වන විටත් අත්පත් කරගෙන අවසන් බව වාර්තා වන අතර ඉරාක ආරක්‍ෂක අංශ පවසන්නේ IS ත්‍රස්තයින් සිරියාවට පළා යමින් සිටින බවයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ යුද ගැටුම්වලට මැදිවූ මිලියනයකට වැඩි සාමාන්‍ය වැසියන් පිරිසක් මොසූල් නගරයේ සිරවී සිටින බවයි.