FAST NEWS

24×7 Around the Globe

LTTEය ගැන 2009 දී හිලරි ලොක්කෙකුට යැවූ රහස් පණිවිඩය මෙන්න…

 

ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය පරාජය වීම වැළැක්‌වීම සඳහා හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් කටයුතු කළ බව ඇගේ රහසිගත විද්යුත් ලිපියකින් අනාවරණය වී තිබේ.

කොටි පරාජය වනු දැකීමට හිලරි ක්‌ලින්ටන් අකමැති වූ බවද එම විද්යුත් ලිපියේ දක්‌වා තිබේ.

ඇය වන්නි මෙහෙයුම නතර කිරීමේ අරමුණින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නායකයන්ට බලපෑම් කරමින් ශ්‍රී ලංකාවට සපයන අරමුදල් අත්හිටුවන ලෙස ඉල්ලා තිබේ.

එහෙත් ලෝක බැංකු හා අන්තර් ජාතික අරමුදලේ ප්‍රධානීන් ඇයගේ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව යන ආයතන කොටි සංවිධානය පරාජය වනු දැකීම අපේක්‍ෂා කර තිබේ.

එසේම 2009 මැයි 4 දා හිලරි ක්‌ලින්ටන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානියාට යැවූ විද්යුත් ලිපියේ ශ්‍රී ලංකාවට සපයන අරමුදල් නතර කරන ලෙස නියෝග කර ඇති අතර ඇගේ මෙම නියෝගය ගැන හෙතෙම අකමැත්ත පළකර ඇති බව සදහන් වේ.‍