FAST NEWS

24×7 Around the Globe

පිළිකාවට ප්‍රතිකාර නොගත් හේතුව කරුගේ දියණිය වෙබ් අඩවියකට හෙළිකර තිබූ හැටි මෙන්න… (ඡායාරූප)

 

කථානායක කරු ජයසූරිය මහතාගේ  දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය පෙරේදා (02) රාත්‍රියේදී අභාවප්‍රාප්ත වුණ අතර ඇය මෙලෙස අභාවප්‍රාප්ත වුයේ ලන්ඩනයේ වන අතර ඇය මිය යන විට හතළිස් වන වියෙහි පසු වූ බව වාර්තා වේ.

මියයාමට පෙර ඇයට පිළිකාව වැලඳුනු හැටි, පිළිකා රෝගි තත්වයත් සමගින් මවක වූ හැටි, සිය දෙවන දරුවාට ජීවත් වීමේ ඉඩ සලසා දීමට ඇයගේ ප්‍රතිකාර පමා කළ හැටි ගැන පසුගිය මාර්තු මාසයේ ඩේලි මේල් වෙබ් අඩිවියේ ඇය ගැන පුවතක් වාර්තා වී තිබුණි.

ඇයට වැළඳී තිබූ පියයුරු පිළිකාවේ පළමු රෝගී ලක්ෂණය ඇයට දැනගන්නට ලැබී ඇත්තේ 2007දී වන අතර එහිදී ඇගේ පියයුරු ප්‍රදේශයෙන් ගැටිත්තක් හමුවී තිබේ.

ඇය එම මොහොතේදීම රෝග ලක්ෂණ පිලිබඳ කණගාටු නොවීමට තීරණය කර තිබෙන බව සදහන් වේ.

‘‘මට ඒක අමතක කරන්න ඕන වුණා,ඒත් එහෙම කරන එක ආමාරු දෙයක් වුණා..දිනෙන් දින එය (ගැටිත්ත) වර්ධන වනු මට දැනුනා.”

ඇයට පිළිකාවක් වැළිඳී ඇති බව හරියටම දැනගෙන ඇත්තේ 2008 වසරේදිය.

‘‘මට මුලින්ම හිතුණේ ඩොක්ටර් වැරදියි කියලා මම ඒක විශ්වාස කළේ නැහැ මොකද ඒ වන විටත් මම හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකළා.”

පසුව ඇය වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුව තිබෙන අතර දොස්තරවරුන් එහිදී ඇයට පවසා ඇත්තේ මෙම ප්‍රතිකාර නිසා ඇයට දරුවන් ලැබීමේ අවස්ථාව අඩු බවයි.

කෙසේ වෙතත් 2011 වසරේ ඇය නැවතත් පවුල් ජීවිතයක් ගතකිරීම ආරම්භ කොට ඇති අතර එහිදී ඇයට දරුවෙකු පිළිසිඳගෙන තිබේ.

හොඳ දරු ප්‍රසූතියකින් පසුව 2012 වසරේදී ඇය සිය පළමු දරුවාට උපත ලබාදෙන අතර ගැහැණු දරුවෙකු වූ ඇයට මාර්ටීන් ඉන්දිරා යුවළ නම් තබන්නේ තිලිණි ලෙසිනි.

මෙම කාලය තුළදී පෙනෙන්නට තිබී ඇත්තේ ඇගේ පිලිකා තත්වය යටපත් වී ගොස් ඇති බවයි.

ඒ නිසාම ඔවුන් දෙදෙනා තවත් දරුවෙකු සෑදිමට තිරණය කර තිබේ.

ඇගේ දෙවන දරුවා පිලිසිඳ ගෙන සති 24කට පසු නැවතත් ඇගේ රෝගි තත්වය මතුව ඇති අතර එහිදි ඇයට දැනගන්නට ලැබී ඇත්තේ අගේ පිලිකා තත්වය නැවත මතුවී ඇති බවයි.

‘‘ දොස්තරවරුන් කීවා මට හතරවන තත්වයේ පිළිකාවක් වැළඳී තිබෙනවා කියා,එය අක්මාව පුරා පැතිර ඇති බවත් එය සුව කළ නොහැකි බවත් පැවසුවා‘‘

‘‘මගේ ජීවිතේ බේරගන්න නම් ඉක්මනින් ප්‍රතිකාර පටන් ගන්න වෙනවා දරුවා සිසේරියන් එකකින් ගන්න වෙනවා කියලා දොස්තරලා කීවා..මම බය වුනේ මගේ බඩේ ඉන්න දරුවා ගැන ඔහුව නැතිවේවි කියලා මම හුඟක් බයවුණා,දොස්තරලා කීවේ දරුවා සීසේරියන් සැත්කමකින් ගමු කියලා..නමුත් ඒ වන විට දරුවාට සති 28ක් පමණයි.හොඳින් වැඩිලා හිටියේ නැහැ.මම කොහොමද මගේ දරුවාගේ ජීවිතේ අවදානමේ දාන්නේ..‘‘

‘‘ඉක්මනින් ප්‍රතිකාර පටන්නොගත්තොත් ඔයාගෙ ජිවිතෙ අවදානමේ කියලා දොස්තරලා කීවා..නමුත් එම ප්‍රතිකාර වලින් ඒ බෙහෙත්වලින් දරුවට හානියක් වෙනවා නම් මට ඒක කරන්න බැහැ කියලා මම කිව්වා‘‘..

කෙසේ හෝ ඇය දෙවන දරුවා ලෙස පුංචි පුතෙකුට උපත ලබාදෙන අතර ඔහු නමින් ඩිලාන් වේ.

ඇය පිළිකාව සමග සටන් කරන විට ඇගේ ස්වාමියාට ඉදිරියේදී තමා නොමැතිව හොඳින් ජීවත් වන ලෙසද පවසා ඇති බව සදහන් වේ.

‘‘මගේ දරුවන් දාලා මට යන්න වෙනවා කියන එක මට දරාගන්න බැරි වුණා මම මැරුණාම ආයෙත් ආදරය කරන්න කියලා මම මාටීන්ට (සැමියාට) කීවා..මගේ දරුවන්ට ආදරයෙන් සළකනවා නම් ඔහු නැවත දරුවන් හැදුවාට කමක් නෑ කියලත් මම කිව්වා‘‘.

ඇය එම සාකච්ඡාව අවසන් කර තිබුණේ එලෙසින්ය.

ඡායාරූප පහතින්…

326f32a200000578-3503145-image-a-54_1458586247105

326f32aa00000578-3503145-image-a-69_1458586384356

326f32bf00000578-3503145-image-a-68_1458586378527

326f323d00000578-3503145-image-a-65_1458586360755

326f324d00000578-3503145-image-m-80_1458587348652

326f325b00000578-3503145-image-m-74_1458586690175

326f326a00000578-3503145-image-m-79_1458587030460

326f326f00000578-3503145-image-m-73_1458586544964

326f327e00000578-3503145-image-m-78_1458586937392

326f323900000578-3503145-image-a-56_1458586285669

326f324100000578-3503145-but_indira_says_she_can_t_bear_to_think_about_leaving_her_childr-m-81_1458587444308

326f324500000578-3503145-image-a-66_1458586367693

326f324900000578-3503145-after_being_told_the_cancer_is_terminal_indira_is_determined_to_-m-77_1458586924034

326f325200000578-3503145-image-m-75_1458586739699

326f326500000578-3503145-image-a-64_1458586355231

326f327500000578-3503145-image-a-62_1458586344798

326f327900000578-3503145-image-a-67_1458586373558

326f328500000578-3503145-image-a-52_1458586226717

326f328900000578-3503145-indria_enjoying_a_holiday_just_before_her_second_diagnosis-m-76_1458586858931