FAST NEWS

24×7 Around the Globe

අමරදේවයන්ගේ රෝහල් ගාස්තු ගෙවීමට ඉදිරිපත් වුන අය මෙන්න…

 

අභාවප‍්‍රාප්ත පණ්ඩිත් ඩබිලිව්.ඩී අමරදේව මහතාගේ ප‍්‍රතිකාර සඳහා ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ගෙවිය යුතු මුදල රජය විසින් ගෙවීමට තීරණය කර තිබේ.

ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේට සහ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්නට ඊයේ(03) පස්වරුවේ අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව දැනුම් දී තිබේ.

ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කළ අමරදේව මහතා ශල්‍ය කර්මයකට භාජනය කළ අතර, ඒ සඳහා අයවිය යුතු මුදල සහ වෛද්‍ය ගාස්තු මුදල රුපියල් 469000 ක් බව වාර්තා වේ.