FAST NEWS

24×7 Around the Globe

සුනඛ හිමිකරුවන්ට දැන් ගැලවීමක් නෑ…

 

නැගෙනහිර ප්‍රංශයේ ( France ) බලෙන්සියා ප්‍රදේශයේ බලධාරීන් සුරතල් සුනඛයන්ගේ DNA දත්ත ගබඩාවක් පවත්වාගෙන යාමට තීරණය කොට තිබේ.

සිය සුරතලාට මහමග සහ පදික වේදිකාවේ මළ මූත්‍ර පහ කිරීමට ඉඩ දෙන හිමිකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීම මෙම සුනඛ DNA දත්ත ගබඩාවේ පරමාර්ථය බව බලධාරීහු පවසා තිබේ.

මේ යටතේ මහා මාර්ග පිරිසිදු කිරීමේ යෙදෙන සේවකයන් විසින් සුනඛ වසුරු සාම්පල එකතු කොට රජයේ පර්යේෂණාගාරයට භාර දෙනු ඇති අතර වසුරු වල අඩංගු DNA,දත්ත ගබඩාව සමග සැසඳීමෙන් සුනඛයාගේ අයිතිකරු කොටු කර ගැනීමට සැලසුම් කොට තිබේ.

බලධාරීන් වැඩි දුරටත් පවසා ඇත්තේ සිය සුරතල් සුනඛයාව රජයේ පශුවෛද්‍යවරයා වෙත ගෙන ගොස් සුනඛයාගේ DNA සාම්පල ලබා දීමට අයිතිකරුවන් බැඳී සිටින අතර මෙම වගකීම පැහැර හරින පුද්ගලයන්ට දඩයක් නියම කෙරෙන බවය.

එළඹෙන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම නව නීතිය යටතේ සිය සුරතලාට මහ මග මළපහ කිරීමට ඉඩ දෙන පුද්ගලයන් හඳුනාගෙන දඩයක් නියම කිරීම සිදුවේ.