FAST NEWS

24×7 Around the Globe

රංගන හේරත් සිම්බාබ්වේ තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීකට් වාර්තා පොත අලුතෙන් ලියයි..

ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ නායකයෙකු විසින් ඔහු මෙහෙයවූ පළමු ටෙස්ට් තරගය  ජයගත් පළමු ශ්‍රී ලංකා නායකයා බවට රංගන හේරත් පත්ව තිබේ.

ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ (02දා) නිමාවූ පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් හා උපනායක දිනේෂ් චන්දිමාල් ආබාධවලට ලක්වීම හේතුවෙන් මෙම තරගාවලියට එක් නොවන අතර ඒ හේතුවෙන් කණ්ඩායමේ නායකත්වයට රංගන හේරත් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලැබීය.

පන්දු යවන්නෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වෙන්නේ වසර 33කින් පසුවය.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළැඹෙන 06දා හරාරේ පිටියේදී ආරම්භ වීමට නියමිතය.