FAST NEWS

24×7 Around the Globe

මරදානේ දුම්රිය ඉඩම් බලහත්කාරයෙන් මනින්නනේ ඇයි…

දුම්රිය දෙපාර්තමේන්තු කර්මාන්තශාලා කිහිපයක් හා ගොඩනැගිලි නඩත්තු අංශ පිහිටා ඇති මරදාන දුම්රිය භූමිය කිසිදු දුම්රිය බලධාරියකුගේ අවසරයකින් තොරව කොළඹ නාගරික සංවර්ධන අධිකාරිය විසින් මැනුම් කටයුතු සිදු කරනු ලැබ ඇති බව වාර්තා වේ.

දෙපාර්තමේන්තුවේ රාජකාරී අවශ්‍යතාවලට බාධා වන අයුරින් අදාළ ඉඩම් පවරා ගෙන ඇති බව පැවසේ.

මෙම තත්ත්වය උද්ගත වීමට පෙර අවස්ථා කිහිපයකදී බලහත්කාරයෙන් මෙම ඉඩම් මැනීමට නාගරික සංවර්ධන අධිකාරීයට අයත් මිනින්දෝරු පිරිසක් ගෙන ඇති උත්සාහය වැළැක්වීමට එම භූමියේ සේවය කරන දුම්රිය සේවක පිරිසට හැකි වී තිබුණි.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ එහිදී අදාළ මිනින්දෝරු පිරිස දුම්රිය භූමියේ පිහිටි කර්මාන්තශාලවල හා ගොඩනැගිලි අංශ සේවකයින්ට එරෙහිව පැමිණිලි කොට මරදාන පොලීසියේ නිලධාරීන් වැඩ බිමට කැඳවීමට ඉඩ ඇති බවත් සාමකාමී වැඩභූමියකට පොලීසිය කැඳවීම සේවක උද්ඝෝෂණයක් ඇතිවීමට හේතුවිය හැකි බවත් ය.

අදාළ තත්ත්වය සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය විෂය භාර ඇමති නිමල් සිරිපාල ද සිල්වා දැනුවත් කර ඇතත් මේ වන තුරු ඒ සඳහා ඇමතිවරයා පිළිතුරු දක්වා නොමැත.