FAST NEWS

24×7 Around the Globe

අවසන් මොහොතේ ශ්‍රී ලංකාවට සිම්බාබ්වේට එරෙහිව ලකුණු 225 ජයක්..

සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේහිදී පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 225 කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 412 ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම තරගයේ අවසන් මොහොත වන තෙක් පරාජය නොවී සිටිමට උත්සාහ දැරුවද  සියළු කඩුලු  ලකුණු 186 කදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුහ.

මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්රුවන් පෙරේරා කඩුළු 04 ක් හා නායක රංගන හේරත් කඩුළු 03 ක් ලබා ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණූ 537 ක් ලබා ගත් අතර සිම්බාබ්වේ කණ්ඩායමට සිය පළමු ඉනිමට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු  373 ක් පමණී.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට කඩුළු 06 ක් දැවී ලකුණු 247 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවු අතර එ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 412 ක ඉලක්කයක් හිමී විය.

එසේම මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ සියවන ජාත්‍යන්තර එක්දින තරගය හා රංගන හේරත් නායකත්ව දැරු ප්‍රථම තරගය විම සුවීශේෂි වේ.

ලකුණු පුවරුව..

අඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅ