FAST NEWS

24×7 Around the Globe

මහින්දගේ අලුත් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ධූරය හිටපු ITN මාධ්‍යවේදීයෙකුට…

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ආරම්භ කරන අලුත් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස හිටපු මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා පත් කර ඇතැයි වාර්තා වේ.

ඔහු පසුගිය කාලසීමාව පුරාම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතු වල නිරත වූ අතර දේශපාලන රැස්වීමවල මෙහෙයවීම් කටයුතුද සිදු කර තිබේ.

මේ අතර අලුත් පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ද මේ වනවිට පත්කර තිබේ.