FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 25 ට අඩු නම් ලයිසන් නොදෙයි – ත්‍රිරෝද රථ රියදුරන්ට එල්ල වන රතු එළිය මෙන්න…

 

වයස අවුරුදු 25 ට අඩු අයට ත්‍රිරෝද රථ පැදවීමට බලපත්‍ර ලබා නොදෙන්නැයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති කේ. ඩී. අල්විස්‌ මහතා ඉල්ලා තිබේ.

වයස 25 සම්පූර්ණ වූ පසු ත්‍රිරෝද රථ රියැදුරන්ට මගී ප්‍රවාහනය සඳහා වසර 03 ක පරිවාස කාලයක්‌ ලබා දීමෙන් පසු මගී ප්‍රවාහනයට අවසර ලබා දෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

මේ වන විට ලංකාවට ඔරොත්තු නොදෙන ප්‍රමාණයට ත්‍රිරෝද රථ පැමිණ ඇති බවත්, 2020 පමණ වන විට මේ රට ත්‍රීවීල් කොළනියක්‌ විය හැකි බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

මේ වන විට බස්‌නාහිර පළාත් සභාව මගින් බස්‌නාහිර පළාතේ ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බවත්, එය යහපත් බවත් හෙතෙම පවසා තිබේ.

මෙම ලියාපදිංචිය නිසා බස්‌නාහිර පළාතේ ත්‍රිරෝද රථ හිමියන්ට, පළාත තුළ මගී ප්‍රවාහනයට අවස්‌ථාව හිමිවන බැවින් වෙනත් පළාත් වලින් කොළඹට පැමිණ මගී ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථ වලට එම අවස්‌ථාව අහිමිවන බවත් ඔහු පෙන්වා දී තිබේ.