FAST NEWS

24×7 Around the Globe

පුහුණුකාර තිලාන් සමරවීරට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් විශේෂ වරමක්..

බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ පුහුණු උපදේශක වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක තිලාන් සමරවීරගේ ධුර කාලය ලබන වසර දක්වා දිගු කිරිමට  තීරණය කළ බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

තිලාන් සමරවීර කෙටිකාලීන පදනමක් යටතේ බංග්ලාදේශයේ පිතිකරණ පුහුණු උපදේශක ලෙස කටයුතු කළ අතර ඔහු පිළිබඳව සියල්ලන්ම ධනාත්මක බව බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් කමිටුවේ සභාපති අක්‍රම් ඛාන් පවසයි.

ඒ අනුව තිලාන් සමරවීම ඉදිරියේදී බංග්ලාදේශ කණ්ඩායම සිදුකිරීමට නියමිත නවසීලන්ත, ඉන්දියා, ශ්‍රී ලංකා, අයර්ලන්ත හා එංගලන්ත තරගාවලි වලිදී බංග්ලාදේශයේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.