FAST NEWS

24×7 Around the Globe

සියෙරා කේබල්ස් ෆිජි හි කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීමට ගෙන යයි…

 

මෙරට ලැයිස්තුගත සමාගමක් වන සියෙරා කේබල්ස් පීඑල්සී, ෆිජි දේශයේ කර්මාන්ත ශාලාවක් පිහිටුවීම සඳහා ගිවිසුම්ගත වී තිබේ.

විනෝද් පටෙල් සහ සමාගම, RC මනුබායි සහ සමාගම සහ ප්‍රොග්‍රෙසිව් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් සමඟ සියෙරා කේබල්ස් මෙලෙස බද්ධ ව්‍යාපාර ගිවිසුමකට එළඹ සිටින අතර ඒ අනුව බලශක්ති කේබල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ෆිජි හි ස්ථාපිත කෙරෙන බව සදහන් වේ.

මෙම ගිවිසුමට අනුව අදාළ ව්‍යාපෘතියේ 30% ක අයිතිය සියෙරා කේබල්ස් සතු වන අතර මේ සඳහා ආයෝජිත මුදල ෆිජි ඩොලර් මිලියන 4 ක් බව වාර්තා වේ.

අදාළ ගිවිසුම් ගතවීම පසුගිය ඔක්තෝබර් 13 වන දින සිදුකර ඇති බව සමාගම විසින් අද (01) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ.