අතිවිශිෂ්ට සිනමාකරුවෙකු වන ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ සමයේ සිටි විශිෂ්ට හොලිවුඩ් නිළියක වන කැත්රින් ඇඩම්ස් ( Katherine Adams ) ඊයේ(31) අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට 96 වැනි වියේ පසු වූ ඇය 1942 වසරේ තිරගත වූ විශිෂ්ට නිර්මාණයක් වන “Saboteur” සිනමාපටය හරහා අතිශයින් ජනප්‍රිය වී තිබේ.
ඇය 1939 වසරේදී ජනප්‍රිය හොලිවුඩ් නළු ජින්ජර් රොජර්ස් සමගින් “Fifth Avenue Girl”, හි රඟපෑ නිළියක් වන අතර වේදිකා නාට්‍ය කලාවට සම්බන්ධ ඇය එම වසරේදී “The Hunchback of Notre Dame” නාට්‍යයටද සම්බන්ධව කැපී පෙනුණු චරිතයක්ද වේ.
එසේම 1939 වසරේ තිරගත වූ මුල් කාලීන “The Hunchback of Notre Dame”, චිත්රපටයෙන්ද ජනප්‍රිය වූ ඇය, ජනප්‍රිය හොලිවුඩ් නළු හියු බියුමන්ට්ගේ බිරිද වේ.
පනහ දශකයේ ජනප්‍රිය වූ “Leave It to Beaver.” රූපවාහිනී කතා මාලාව හරහාද ඇය ජනප්‍රියත්වයට පත්ව තිබේ.
මියයන විට ඇඩම්ස් ඇමෙරිකාවේ මින්නෙසෙටාහි මැන්කාටෝහි ඇගේ දියණිය වන ක්‍රිස්ටීන් බියුමන්ට්ගේ නිවසේ ජීවත් වූ බව වාර්තා වේ.
ඡායාරූප පහතින්..











