ඇමරිකා එක්සත් ජනපදයේ බිම්බෝම්බ පිළිබඳව ක්‍රියාකාරී ආයතනයක් වන මාර්ෂල් ලිගර්සි ආයතනය (US-based Marshall Legacy Institute – MLI) විසින් වාර්ෂිකව සංවිධානය කරන මාර්ග සෝදිසි සැමරුම් උළෙලේ – 2016 (“Clearing the Path Ccelebration”) වසරේ හොඳම බිම් වෙඩි හඳුනා ගැනීමේ කාණ්ඩායම ලෙස “බිම් වෙඩි හදුනාගැනීමේ සුනඛයා සම්මානය” (MLI’s ‘Team of the Year – 2016’) මෙවර ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ “ඇල්වින්” (Alvin) නම් බෝම්බ හඳුනාගැනීමේ සුනඛයා (Sri Lanka Army’s Mine Detection Dog – MDD) සහ අල්වින්ගේ හසුරුවන්නා වන ලාන්ස් කෝප්රල් ජී.එන්.ඩබ්ලිව්.එන් නවරත්න වෙත මෙම සම්මානය ප්රදානය කොට තිබේ.
මෙම ද්විත්ව සාමාජික බිම් බෝම්බ නිරීක්ෂණ කණ්ඩායම 2011 දෙසැම්බර් 28 වන දින සිට උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි බෝම්බ නිෂ්ක්‍රීය රාජකාරීන්හි නියැලෙන අතර මොවුන් ආසන්න වශයෙන් වර්ග මීටර් 73,340 ක ප්‍රමාණයක බිම් බෝම්බ සහ වෙනත් පිපුරුම් උපකරණ සොයා මෙහෙයුම් සිදු කොට ආර්.පී.ජී 20 ක්, අත් බෝම්බ 48ක්, පුද්ගල නාශක බිම් බෝම්බ 137 ක්, පුපුරා නොගිය පුපුරන ද්‍රව්‍ය 24 ක්, ඩෙටනේටර් 18 ක්, පතොරම් 243 ක් සහ යුද්ධයේ දී ඉතිරි වු අනෙකුත් පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට සමත්ව තිබේ.
එසේ නිසැක කරන ලද ප්‍රදේශ තුල අවතැන්ව සිටි පවුල් 415 කට අයත් සාමාජිකයින් 1945 දෙනෙකු ඔවුන්ගේ මුල් ඉඩම් වල පදිංචි කරවා ඇති බවද වාර්තා වේ.
මෙම ‘මාර්ග සෝදිසි’ සැමරුම් උළලේ දී ප්‍රධාන දේශනය එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක තානාපති සුසන් ඊ. රයිස් (Susan E. Rice, US National Security Advisor) විසින් පවත්වා තිබේ.
එසේම මෙම අවස්ථාව සඳහා සෙනෙට් සභික මයික් එන්සි මහතා (Mr Mike Enzi), ජෙනරාල් ගෝර්ඩන් රසල් සුලිවාන් (විශ්‍රාමික) ( General Gordan Russell Sullivan -Retd), ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා ද සහභාගි වී තිබේ.
මෙය ශ්‍රී ලංකා යුද හමුදා මානුෂිය බෝම්බ නිශ්ක්‍රිය ඒකකය ලබා ගත් දෙවන ‘බිම් බොම්බ හදුනාගැනීමේ සුනඛයා’ සම්මානය වන අතර මෙයට පෙර 2012 වසරේ දී බිම් බොම්බ හඳුනා ගැනීමේ සුනඛයෙක් වන “සීරෝ”( MDD ‘Ciro’) සහ එම සුනඛයාගේ හසුරවන්නා වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ ඉංජිනේරු සෙබල ඩි.කේ.එන්. රෝහන මෙම සම්මානය හිමි කර ගෙන තිබේ.
සීරෝ සහ රෝහණ වර්ග මීටර් 9570 ක භුමි ප්‍රමාණයක බිම් බෝමිබ ඉවත් කරමින්, එල්ටිටීඊය විසින් නිෂ්පාදිත පුද්ගල නාශක බෝම්බ 101 ක්, එල්ටිටීඊ ය විසින් නිෂ්පාදිත අත් බෝම්බ 03, මිලිමීටර් 60 මෝටාර් බොම්බයක් සහ ආර්පිජී බෝම්බ දෙකක් සොයා ගැනීමට සමත්ව තිබේ.
ඡායාරූප පහතින්..










