FAST NEWS

24×7 Around the Globe

එන ඇමතුම් වලටත් ගාස්තුවක්…?

 

පෙර ගෙවුම් දුරකතන සබදතාවල එන ඇමතුම් සදහාද ගාස්තුවක් අය කිරීමේ යෝජනාවක් සාකච්චා මට්ටමේ ඇති බව මෙරට ප‍්‍රධාන පෙලේ ජංගම දුරකතන ජාලයක ඉහල නිලධාරියෙකු පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් තමන්ට පැවසූවේ රජයේ ඉහල නිලධාරියෙක් බව එම නිලධාරියා පවසා ඇති අතර එම යෝජනාව බොහෝ දුරට සමාගම් වලට නොව රජයේ ගාස්තුවක් වනු ඇති බවත් හෙතෙම පවසා තිබේ.

මේ වන විට මෙරට දුරකතන සබදතාවල එන ඇමතුම් සදහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන අතර පසුගෙවුම් සබදතා සදහා මාසික ගාස්තුවක් අය කිරීම සිදු වේ.