FAST NEWS

24×7 Around the Globe

එජාපයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් පිල් මාරු කර මහින්දගේ නව බලවේගයට එක් වූ හැටි මෙන්න… (ඡායාරූප)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ නව බලවේගයට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව මඩකලපුව, කාත්තන්කුඩි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් සමඟ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරින් පිරිසක් බත්තරමුල්ල නෙලුම් මාවතේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී නව බලවේගයට සහය පළ කිරීමට එක්වන බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය වන නොවැම්බර් මස 18 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන ව්‍යාපාරය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

ඒ අනුව ලබන 18 වැනිදා රටපුරා සියලු මැතිවරණ කොට්ඨාශ නියෝජනය වන පරිදි එකම නැකතකදී නව දේශපාලන ව්‍යාපාරය බිහි කිරීමට සැලසුම් කර ඇති අතර එම මැතිවරණ කොට්ඨාශ වලින් නව පක්ෂ ආරම්භ කිරීම වෙනුවෙන් සාමාජිකයින් ලක්ෂ 10ක් බඳවා ගැනීමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මේ වන විටත් එම ආසන නියෝජනය වන පරිදි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආසන සංවිධායකවරුන් පත් කර ඇති අතර ඔවුන්ගේ මූලිකත්වයෙන් එදිනට නව පක්ෂය ආරම්භ කිරීමේ උත්සවය සංවිධාන කර ඇතැයි වාර්තා වේ.

ඡායාරූප පහතින්..

පිල් මාරුව ඇරඹේ - එජාප මන්ත්‍රී පිරිසක් මහින්දගේ අලුත් පක්ෂයට එක්වෙයි (PHOTOS)