ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භකයන් වන එංගලන්තයට එරෙහිව බංග්ලාදේශය පළමු වරට ටෙස්‌ට් ජයග්‍රහණයක් ලබා ගනු ලැබුවේ බංග්ලාදේශ කණ්‌ඩායමේ සංස්‌කෘතිකමය සහ මානසිකමය අතින් කරන ලද වෙනස බව පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි. සිංහල බී.බී.සී. සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී හතුරුසිංහ පවසා තිබේ.
“දැන් වසර දෙකක පමණ සිට මම බංග්ලාදේශ කණ්‌ඩායම සමග වැඩ කරනවා. මම දැක්‌ක පළමු කාරණය තමයි කණ්‌ඩායමක් වශයෙන් සෙල්ලම් කරන්නේ කොහොමද කියන එක මේ අය හරියට දැනගෙන හිටියෙ නැහැ. ඒ අනූව ඔවුන්ගේ සංස්‌කෘතිකමය සහ මානසික වෙනසක් ඇති කළා.”
බංග්ලාදේශ කණ්‌ඩායමේ පුහුණුකරු ධුරය භාර ගන්නා විට හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් ලද පළමු ප්‍රශ්නය පිළිබඳවද සඳහන් කරයි.
“මම බංග්ලාදේශ කණ්‌ඩායම භාර ගන්න කොට ලෝකයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා (ෂකීබ් අල්හසන්) ඔවුන් සතුව හිටියා. ඒ නිසා මම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් ඇහැව්වා ඕගොල්ලන්ට ඕන ලෝකයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයන් බිහි කරන්නද නැතිනම් කණ්‌ඩායමක් ලෙස ඉදිරියට යන්නද කියලා. ඒ අය කිව්වා කණ්‌ඩායමක් ලෙස ඉදිරියට යැම තමයි අවශ්‍යය කියලා.”
“බංග්ලාදේශය මේ ලබපු ජයග්‍රහණයෙන් ඒ අයගේ ඉදිරි තරග සඳහා හොඳ මානසිකත්වයක් ලැබේවි. මට මතකයි ශ්‍රී ලංකාව පළමු ටෙස්‌ට් ජයග්‍රහණය ලබපු වෙලාවෙ දැනුන හැඟීම. ඒක මම අත්වින්දා. ඉතින් ඒ අයටත් ඒ හැඟීම දැනෙනව ඇති. එංගලන්තය කියන්නෙ ලෝකයේ පළමු කණ්‌ඩායම් තුන අතර ඉන්න කණ්‌ඩායමක්.”
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය මුණ ගැසෙන අවස්‌ථාවලදී තමා කරන්නේ රාජකාරියක් බවත් හතුරුසිංහ එහිදී පවසා තිබේ.
චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු වශයෙන්ද කටයුතු කරන අතර ඔහුගේ මූලිකත්වයෙන් බංග්ලාදේශ සෙසු පුහුණුකරුවන් වන රුවන් කල්පගේ (පන්දු රැකීම), තිලාන් සමරවීර (පිතිකරණ), මරියෝ වෙල්ලවරායන් (ශාරීරික ව්‍යායාම්) කටයුතු කරනු ලබයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.