FAST NEWS

24×7 Around the Globe

හොරා කව්දැයි දැන ගැනීමට පැවති රජයෙත් කළ යුතු සෙවීම ගැන ඇමති ඉරාන් කළ ප්‍රකාශය මෙන්න..

 

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑනාගේ සමාගම වන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමඟ පසුගිය රජය පැවැත්වූ සම්බන්ධතා ගැනද සෙවිය යුතු යැයි රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පවසා තිබේ.

එසේ සොයා බලන විට හොරා කව්ද කියා අනාවරණය වනු ඇති බවත් වංචා හෝ දූෂණ වලට සම්බන්ධ වූවන් වූවන් ආරක්‍ෂා කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂයට කිසිදු වුවමනාවක්‌ නැතැයිද හෙතෙම සඳහන් කර තිබේ.

ඉරාන් වික්‍රමරත්න නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසූවේ සිරිකොත ඊයේ (31දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදීය.

මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී රජයට අලාභයක්‌ වී ඇත්නම් හෝ එය පියවා ගැනීමට අවශ්‍ය නම් හෝ නව නීති පවා ගෙන ඒමට එජාපය සූදානම් බවද ඔහු පවසා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධව තම පක්‍ෂය කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ එකට සිටින බවත් සී, අයි. ඩී. හෝ අල්ලස්‌ හෝ දූෂණ වංචා කොමිසම වැනි රාජ්‍ය යාන්ත්‍රණ භාවිත කොට මේ පිළිබඳව පරීක්‍ෂණ කළ යුතු බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කර තිබේ.

එජාපයට මෙම ප්‍රශ්නය සම්බන්ධව විගණකාධිපතිවරයා සමඟ කිසිදු ගැටුමක්‌ නැති බව හා මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදු වූ බව කියන අලාභය ගණනය කරන ලද ආකාරය ගැන පමණක්‌ ගැටලුවක්‌ මතු වූ බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.