FAST NEWS

24×7 Around the Globe

සජින්ට රට යන්න අවසර දෙනවාද? නැද්ද?…

 

ආගමික කටයුත්තක් සඳහා තමාට විදේශගත වීමට අවසර ලබා දෙන්නැයි පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමකට අවසර දෙනවාද? නැද්ද? යන්න තීරණය ලබන 4 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (31) පැවසූ අතර අධිකරණය භාරයේ තිබූ විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදා හරින ලෙස එහිදී හෙතෙම නියම කර තිබේ.

විත්තිකරු සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයෙන් ඊයේ(31) ඉල්ලා සිටියේ ආගමික කටයුත්තක් සඳහා ලබන නොවැම්බර් 11 සිට 16 දක්වා ඉන්දියාවට යෑමට අවසර ලබා දෙන ලෙසයි.

මිහින් ලංකා ගුවන් සමාගමේ සභාපති ධුරය දරන සමයේදී රජයට රුපියල් මිලියන 883ක් පාඩු කරන ලදැයි විත්තිකාර සජින් වාස් මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබෙන නඩුවකට අදාළව විත්තිකරුට විදේශ ගමන් තහනම් කර තිබිණි.