FAST NEWS

24×7 Around the Globe

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව උපුල් තැබූ ලෝක වාර්තාව මෙන්න…

 

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව උපුල් තරංග රැස්කළ ශතකය ලෝක වාර්තාවක් බවට පත්ව තිබේ.

එනම් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව (1945න් පසුව) එක් ටෙස්ට් ශතකයක් වාර්තා කිරීමෙන් පසු ඊළඟ ටෙස්ට් ශතකය වාර්තා කිරීම සඳහා වැඩිම දින ගණනක් ගත කළ ක්‍රීඩකයා බවට පත් වෙමිනි.

උපුල් සිය පළමු ටෙස්ට් ශතකය 2006 වසරේ මාර්තු මස 08 වැනිදා වාර්තා කල නමුත් ඔහුගේ දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා වන්නේ ඉන් වසර 10කට පසුව වන අතර එනම් 2016 වසරේ ඔක්තෝබර් මස 30 වැනිදාය.

එම ශතක දෙක අතර කාලය දින 3888ක් වන බව සදහන් වේ.

මීට ඉහත දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ශතකයක් රැස්කිරීම සඳහා වැඩිම දින ගණනක් වැය කර තිබූ ක්‍රීඩකයා වූයේ සිම්බාබ්වේ කණ්ඩායමේ හැමිල්ටන් මැසකඩ්සා වන අතර ඔහුට ඒ සඳහා දින 3660ක කාලයක් බලා සිටීමට සිදුවිය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ශතකයක් වාර්තා කිරීමෙන් පසු අනෙක් ශතකය වාර්තා කිරීමට වැඩිම කාලයක් බලා සිටි ක්‍රීඩකයෝ පහත පරිදි වේ.

උපුල් තරංග දින 3888 (2006/මාර්තු  -2016/ ඔක්තෝබර්)

හැමිල්ටන් මැසකඩ්සා දින 3660 (2001/ජුලි – 2011/අගෝස්තු)

රොබ් සිම්සන් (ඔස්ට්‍රේලියාව) දින 3639 (1967 දෙසැම්බර්-1977 දෙසැම්බර්)

බර්ට් සුට්ක්ලිෆී (නවසීලන්තය) දින 3367 (1955/නොවැම්බර්-1965/මාර්තු)

මුස්ටාක් මොහොමඩ් (පාකිස්තානය) දින 3234 (1962/ජුලි-1971 ජුනි)