FAST NEWS

24×7 Around the Globe

ඔක්තෝබර් මහ බැංකු පොලී අනුපාතවල වෙනසක් නෑ..

2016 ඔක්තෝබර් මස මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේදී මහ බැංකු පොලී අනුපාතවල වෙනසක් සිදු වී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7% ක් සහ 8.5% ක් ලෙස නොවෙනස්ව පවතී.