කුමාර් සංගක්කාර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පහළට.

කුමාර් සංගක්කාර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පහළට.

කලක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ පිතිකරුවන් අතර අංක එකෙහි පසුවූ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (29දා) නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම්හි අංක 04 දක්වා පසුබැස ඇත.

ගෙවීගිය අවසන් මාස 06 පමණ කාලය සිට අංක එකෙහි පසුවූ සංගා, පාකිස්තානය හා පැවැති පළමු ටෙස්ට් තරගය ආරම්භ වන්නටත් මත්තෙන් දෙවැනි ස්ථානය දක්වා පියවරක් පසුබැසීමට සිදුවූ අතර, පැවැති තරග දෙකේදී අසාර්ථක වූ හෙයින් තවදුරටත් සිය ස්ථානයෙන් පසුබැසීමට සිදුව ඇත.

ඔස්ට්‍රේයාවේ ස්ටීවන් ස්මිත් තවදුරටත් මෙහි පළමු ස්ථානයේ රැදී සිටින අතර, දකුණු අප්‍රිකානු යුගලයක් වන ඒ.බී. ඩිවිලියර්ස් හා හෂීම් අම්ලා පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථානවල පසුවෙති. ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් නව ශ්‍රේණිගත කිරීම්හි 05 වැනි ස්ථානයේ පසුවන අතර, මීට පෙර ඔහු 08 වැනි ස්ථානයේ පසුවිය.

ටෙස්ට් පන්දු යවන්නන් අතර පළමු දසදෙනා අතර සිටින එකම ශ්‍රී ලංකා පන්දු යවන්නා වන රංගන හේරත් 08 වැනි ස්ථානයේ පසුවන අතර, මීට පෙර ඔහු 07 වැනි ස්ථානයේ පසුවිය.

ty5yrytryt