FAST NEWS

24×7 Around the Globe

වසර හාරදහසකට පසුවත් රුසියාවෙන් සොයාගත් දේ මෙන්න…

 

වසර හාරදහසක් පමණ පැරණි සෙල්ලම් බඩුවක් රුසියාවේ දකුණු ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ.

එය වලසෙකුගේ හිසක ආකාරයට නිර්මාණය කරන ලද්දක් වන අතර ළදරුවෙකුට සෙල්ලම් කිරීම සදහා නිර්මාණය කරන ලද්දක් ලෙස සැලකෙන එහි ඇතුළත කුමක් හෝ අමුද්‍රව්‍යයක් යොදා එය සොලවන විට ඒ තුළින් ශබ්දයක් නැගෙන ආකාරයට නිර්මාණය කර තිබේ.

රුසියානු විද්‍යාඥයින් පවසන්නේ එය තවමත් ඉතා හොද තත්වයේ පවතින බවයි.

එසේම රුසියා වාර්තා සදහන් කරන්නේ මෙම භාණ්ඩය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ පැවැත්වෙන බවයි.