FAST NEWS

24×7 Around the Globe

පාදය කැඩී ගියත් දිවගොස් පන්දුව රැක ගත් සුපිරි ක්‍රීඩකයා මෙන්න… (වීඩියෝ)

 

පසුගියදා ඩුබායි හි පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟයක් අතර සිදුවූ අමුතු සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

මෙම තරඟය පැවැත්වුනේ පකිස්ථානය සහ එංගලන්තය වන අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ කණ්ඩායම් දෙකම නියෝජනය කළේ කායික අබාධ සහිත ක්‍රීඩකයන් වීමයි.

තරඟය අතරතුර එංගලන්තය නියෝජනය කළ ක්‍රීඩක Liam Thomas විසින් තමන් දෙසට පැමිණි පන්දුවක් රැකගත් ආකාරය දැක්වෙන වීඩියෝවක් මෙලෙස අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

එහිදී ඔහු තමන්ගේ කෘතීම පාදය වැටුණත් තනි කකුලෙන් දිවගොස් පන්දුව රැකගෙන නැවතත් කඩුලු රකින ක්‍රීඩකයා වෙත යොමු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව තිබේ.

මෙම තරඟය පකිස්තානය ජයගත්තත් එංගලන්තය වෙත සුවිශේෂ අවධානයක් යොමු වූ හිතේ ශක්තියෙන් ගතේ වාරුව පරාජය කළ එම අවස්තාව ඇතුළු තරඟයේ විශේෂ අවස්ථා පහතින්..