ශ්‍රී පාද රක්ෂිතයේ සංචාරක හෝටලයක් ඉදිවන බවට පසුගියදා සමාජ වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය වු ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් දැඩි ලෙස කතාබහට ලක්ව තිබේ.
ගූගල් සිතියම අනුව කළ සොයා බැලීමකදි එම හෝටලය ශ්‍රී පාද මළුවේ සිට කිලෝමිටර් හයක් එපිටින් වු මරේ දියඇල්ල ආසන්නයේ පෞද්ගලික ඉඩමක ඉදිකිරිමට සැලසුම් කර ඇති බව වාර්තා වී තිබේ.
මේ පිළිබඳව ශ්‍රී පාදස්ථානාධිපති, පැල්මඩුලු රජමහා විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, රත්නපුර මහ දිශාවේ ප‍්‍රධාන සංඝනායක අතිපුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින්වහන්සේද නල්ලතන්නියේ පැවති විශේෂ සාකච්ඡාවකදී එවැනි හෝටලයක් ශ්‍රී පාද පුදබිම තුල ඉදි නොවන බවට තහවුරු කර තිබේ.
ඡායාරූප පහතින්..











