එළැඹෙන සිම්බාබ්වේ සංචාරයට සහභාගි වන ඉන්දීය කණ්ඩායමේ නායකත්වය අජින්ක්‍යා රහානේට හිමිව තිබෙනවා. ඉන්දීය කණ්ඩායම මෙම සංචාරයේ දී එක්දින තරග 03 කට සහ පන්දුවාර 20/20 තරග දෙකකට සහභාගි වීමට නියමිතයි.
මහේන්ද්‍ර සිං දෝනි, විරාත් කෝලි, සුරේෂ් රයිනා, ෂිකර් දවාන් සහ රවීචන්ද්‍රන් අෂ්වින් විවේක ගැන්වීම හේතුවෙන් මෙම සංචාරයට සහභාගි වන්නේ නැහැ. හර්බජාන් සිං වසර 04 කට පසු මෙම සංචාරය සඳහා එක්දින සහ පන්දුවාර 20/20 ඉන්දීය සංචිතයට කැඳවා තිබෙනවා. දෙරට අතර පළමු එක්දින තරගය ලබන මස 10 වැනිදා හරාරේ හිදී පැවැත්වීමට නියමිතයි. (1)






