FAST NEWS

24×7 Around the Globe

කොදෙව්වෝ ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය 3 – 0 ලෙස වයිට්වොෂ් කරයි..

ශ්‍රී ලංකා A කණ්ඩායම සමග පැවති නිළ නොවන එක්දින තරගාවලිය 3-0 ලෙස ජය ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම ඊයේ (30) සමත් විය.

එ දෙරට අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී  පැවති තෙවන හා අවසන් එක්දින ඩක්වත් ලුවීස් න්‍යායට අනුව ලකුණු 08 කින් කොදෙව් A කණ්ඩායම ජය ගැනීමත් සමගයි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කොදෙව් A කණ්ඩායම සිය පන්දුවාර 47 ක් තුල  (වර්ෂාව නිසා) කඩුළු 05 ක් දැවී ලකුණු 305 ක්  රැස් කර ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය 38 වැනි පන්දුවාරයේදි අත්හිටුවන විට කඩුළු 07 ක් දැවී ලකුණු  248 ක් ලබා සිටියේය.

කෙසේ වෙතත් ඩක්වත් ලුවින් න්‍යායට අනුව පන්දු 38 ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයගහ්‍රණය සඳහා ලකුණු 257 ක් ලබා ගත යුතුව තිබුණී.

එ අනුව කොදෙව් A  කණ්ඩායමට  ශ්‍රී ලංකා A කණ්ඩායම ලකුණු 08 කින් පරාජය කිරීමට සමත් විය.

ලකුණු පුවරුව පහතින්…

eeeeeeeeeeeeeeeeee rrrrrrrrr