FAST NEWS

24×7 Around the Globe

ප‍්‍රාදේශීය සභාවකින් අසැබි වෙබ් අඩවි ලින්ක් යෙදු අමුතු ලිපියක්…

 

එංගලන්තයේ සෆෝල්ක් ප‍්‍රදේශවාසීන්ට එහි ප‍්‍රාදේශීය සභාවෙන් අමුතු ආකාරයේ ලිපි ලැබී ඇතැයි එරට වාර්තා සඳහන් කර තිබේ.

එක් ලිපියක් මගින් දන්වා තිබුණේ මැතිවරණය සඳහා ඡන්ද දායකයාගේ විස්තර යෙදු අයැදුම්පත පුරවා එවන ලෙසයි.

ඒ සඳහා ඔන්ලයින් අයැදුම්පත එවීමට නම් ඔවුන්ගේ නිල වෙබ් අඩවිය යැයි සඳහන් කරමින් අසභ්‍ය වෙබ් අඩවියක URL Link එකක් යොදා තිබූ වාර්තා වේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් ඉහත ප‍්‍රාදේශීය සභාව පවසා තිබුණේ මෙය කිසිසේත් අපේක්ෂා නොකළ මට්ටමේ වරදක් බවයි.

ඒ සඳහා සමාව අයැදිමින් යළිත් ලිපි යැවීමට එම ප‍්‍රාදේශීය සභාව කටයුතු කර තිබුණි.

එම ප‍්‍රාදේශීය සභාවෙන් යැවූ තවත් ලිපියකින් ප‍්‍රදේශයේ කසළ ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා අවශ්‍ය ප‍්‍රදේශවාසීන්ගේ තොරතුරු විමසීම සඳහා යවා තිබුණි.

එහි එක් ප‍්‍රශ්නයකින් අසා තිබුණේ ”ඔබගේ ලිංගික රුචිකත්වය/ භාවිතාව කෙසේද?” යනුවෙනි.

මේ සඳහා කෙලෙස පිළිතුරු දිය යුතුද යන්න පිළිබඳ ප‍්‍රදේශවාසීන්ට ගැටලූ පැනනැගී ඇති අතර, ඔවුන් ප‍්‍රශ්න කර තිබුණේ මෙය එච්.අයි.වී. ආසාධිතයන් පිළිබඳ හෝ ආබාධිතයන් පිළිබඳ තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් මෙලෙස ඇසූයේ ද යනුවෙනි.

නමුත් ප‍්‍රාදේශීය සභා කාර්යාලය ප‍්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ ”මෙය අතිශය පෞද්ගලික හා තරමක් නුහුරු ප‍්‍රශ්න” වුවත් එය සංක‍්‍රාන්ති ලිංගිකයන් හා ඔවුන් භාවිත කරන භාණ්ඩවලින් එක්වන කැලිකසල පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා මෙම ප‍්‍රශ්න යොමු කළ බවයි.

තරමක් අර්බුදකාරී ප‍්‍රශ්න වුවද මෙය ඉතාම වැදගත් බව ද සෆෝල්ක් ප‍්‍රාදේශීය සභාව සඳහන් කර තිබේ.