FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ නිවසේ මියගිය තරුණයාට සිදුවූයේ කුමක්ද? – සැගවුන කතාව මිතුරෙකුගේ ෆේස්බුක් ගිණුමේ…

 

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ නිවසේදී මියගිය තරුණයාගේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණයාගේ මිතුරෙකු ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබේ.

එදා රාත්‍රියේ ඔවුන් විමල්ගේ නිවසේ චිත්‍රපටයක් නැරඹීම සඳහා උඩුමහලට ගිය බවත් එහිදි මියගිය තරුණයාගේ ඇස් රතුවී තිබෙනු දුටු ශෂි වීරවංශ, ඒ ගැන අසද්දි ඒ තමා වෙහෙසට පත්වී සිටින නිසා යැයි අදාළ තරුණයා පැවසූ බවත් හා පසුව ඔවුන් රාත්‍රියේ නින්දට ගොස් ඇති අතර උදෑසන ඔහුගේ මුහුණ නිල් පැහැ වී තිබීම නිසා ඔහුට කතා කරද්දි ඔහු කතා නොකළ බවත් මේ සිද්ධියේ සැබෑව එය බවත් මියගිය තරුණයාගේ මිතුරා ෆේස්බුක් සටහනේ පවසා තිබේ.

කෙසේ වෙතත් මියගිය ළහිරු හා විමල්ගේ පුතු විභූති කලක පටන් මිතුරන් වන බවත් බොහෝ දිනවලදී මෙම නිවසට පැමිණ නවාතැන් ගන්නා බවද වාර්තා වේ.

එසේම වීරවංශගේ දියණිය සමග මිය ගිය තරුණයා එකට සිටිනු දැක ඇති ශෂී විරවංශ එම තරුණයාට පහර දීමට ආරක්ෂක නිලධාරීන්ට පැවසූ බවත් එහිදි මෙම තරුණයා මිය ගිය බවටත් කට කතා පැතිර යමින් තිබේ.