සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග හරාරේහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය අවසානයේ සිය පළමු ඉනිම ක්රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණූ 88 ක් රැස් කරගෙන සිටියේය.
එ අනුව සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 09 ක් අතැතිව ශ්රී ලංකා කණ්ඩායමට වඩා තවත් ලකුණු 449 ක් පසුපසින් සිටියි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 537 ක් ලබා ගැනීම සමත් විය.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතක රැස් කරමීන් උපුල් තරංග හා කුසල් පෙරේරා ලකුණු 110 බැගින් ලබා ගැනීමට සමත් විය.
එසේම සිය මංගල ටෙස්ට් ක්රීකට් තරගය ක්රීඩා කරන තුන් ඉරියව් ක්රීඩක අර්ධ ශතකයක් ලබා ගැනීමද සුවිශේෂී වේ.
ලකුණු පුවරුව…









