FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය පවුමෙහි අගය පහල යෑමත් සමග ඇපල් සමාගමේ භාණ්ඩ වල මිල ඉහලට…

 

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමගම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමේහි අගය පහල යමින් ඇති හෙයින් සිය භාණ්ඩවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ඇපල් සමාගම පවසා තිබේ.

ඇපල් සමාගම පවසන්නේ මෙම මිල ගණන් විනිමය අනුපාතය ඇතුළු කාරණා ගණනාවක් මත පදනම් වී ඇති බවයි.

ඇපල් සමාගමේ අගල් 13නේ මැක්බුක් පරිගණකයක් පවුම් 849 සිට 948 දක්වාත්, මැක් ප්‍රෝ ඩෙක්ස්ටොප් පරිගණකය පවුම් 2,400 සිට 2,999 දක්වා වැඩිවී ඇති බව නිවේදනය කර තිබේ.

වර්ඩික් රිටේල් කන්ටල්සන්සි ආයතනයේ විශ්ලේෂකයෙකු වන පැක්ට්‍රික් ඕබ්‍රියන් මහතා පවසා ඇත්තේ මෙම මිල ඉහළ යෑම නොවැලැක්විය හැකි බවයි.