නිරිතදිග චීනයේ සිචුආන් ප්රාන්තයේ ගම්මානයක වෙසෙන දරුවන්ට තම පාසල වෙත ළඟාවීම සදහා මීටර් 800ක කදුගැටයක් තරණය කිරීමට සිදුව ඇති අතර එය ලෝකයේ වඩාත්ම අවදානම්කාරී ගමනක් වී තිබේ.
යම් හෙයකින් පය ලිස්සා වැටුනහොත් ඔවුන්ට තම ජීවිතයෙන් වන්දි ගෙවීමටද සිදුවේ.
මේ සදහා යකඩ ඉනිමගක් ඉදිකර ඇති අතර ඊට කලින් ඔවුන් භාවිතා කර ඇත්තේ ඉතා සවිමත් වැලක් වන අතර මෙම වැල භාවිතා කරන කාලයේදී එම වැල කැඩී මිනිසුන් වැටි මියගිය අවස්ථා බොහොමයක් ඇති බව බීජින් ප්රවෘත්ති සේවය වාර්තා කර තිබේ.
මෙම ඉනිමග සෑදීම සදහා වානේ බට 1,500ක් යොදාගෙන ඇති අතර මේ සදහා ගිය මුදල ඇ.ඩො. 150,000ක් බව වාර්තා වේ.
ඡායාරූප පහතින්..












