නොවැම්බර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක නව වැට් බද්ද සහ ජාතිය ගොඩ නැගීමේ බද්දත් සමඟ රුපියල් සියයක දුරකතන පෙරගෙවුම් කාඞ්පතක් භාවිත කරන්නේ නම් ඉන් තුනෙන් එකක් බදු ලෙස අයවන බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
දුරකතන සන්නිවේදන සේවාවලදී වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්දට අමතරව බදු වර්ග දෙකක් අයවන බවත් ඒ අනුව දුරකතන සේවාවලදී ඉහත බදු දෙකට අමතරව සෙස් හා විදුලි සංදේශ බදු ද අය නව බව පැවසේ.
දුරකතන සන්නිවේදන සේවා සැපයීමේදී සෙස් බද්ද සියයට 2ක්, විදුලි සංදේශ බද්ද සියයට 25ක්, ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට 2ක් සහ එකතු කළ අගය මත බද්ද සියයට 15ක් ලෙස අය වන බවත් ඒ සඳහා අදාළ සූත්‍රයක්ද ඇති බවද එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.
එ අනුව සේවා සපයන්නාගේ ගාස්තුව රුපියල් සියයක් නම්, බදු ලෙස රුපියල් පනහක් අය වන අතර දුරකතන සේවා සමාගමට රුපියල් සියයක් අය වේ.
ඒ අනුව ගාස්තුවෙන් සියයට පනහක් නොව, රුපියල් පනහක් ගාස්තුව ලෙස අය වේ.
එසේනම් ගාස්තුව එකසිය පනහක් නම් බදු ලෙස අය වන්නේ සම්පූර්ණ ගාස්තුවෙන් තුනෙන් එකකි.
ඒ අනුව රුපියල් සියයක පෙර ගෙවුම් කාඞ්පතක් භාවිත කරන්නේ නම් ඉන් තුනෙන් එකක්, එනම් රුපියල් 33 ක් බදු වන අතර ඉතිරි රුපියල් 67 දුරකතන ගාස්තු ලෙස අයවන බව ද අන්තර්ජාල සේවාවලදී විදුලි සංදේශ බද්ද ලෙස අය වෙන්නේ සියයට 10ක් වන බැවින් අන්තර්ජාල ගාස්තු දුරකතන සේවා ගාස්තුවලට අඩු බව ද එම දෙපාර්තුමෙන්තුව කියයි.