FAST NEWS

24×7 Around the Globe

සිරියා අර්බුදය ගැන ඉරාන, රුසියානු හා සිරියානු සාකච්ඡාවක්..

සිරියාවේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉරාන, රුසියානු හා සිරියානු විදේශ අමාත්‍යවරු හමු වී සාකච්ඡා කිරීමට නියමිත බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.

ඉරාන විදේශ අමාත්‍ය මොහොමද් ජවාද් ෂරීෆ් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සමඟ ද්විපාර්ශවීක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද ඉරාන ආරංචි මාර්ග සඳහන් කර තිබුණි.

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ ආණ්ඩුවට සහාය දෙන ප්‍රධාන පාර්ශව දෙක වනුයේ රුසියාව හා ඉරානයයි.

කෙසේ වෙතත් බටහිර රටවල් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රෙජීමයට පමණක් නොව ඉරානයට හා රුසියාවට ද චෝදනා කරන අතර ඔවුන්ට එරෙහිව යුද අපරාධ ගොනු කළ යුතු බව ද සඳහන් කරයි.

එපමණක් නොව අසාද්ගේ රෙජීමයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන්ට එරෙහිව සම්බාධක පනවමින්, ඔවුන්ගේ වත්කම් අත්හිටුවීම, සංචාරක තහනම් පැනවීම සම්බන්ධයෙන් බටහිර රටවල් අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.