FAST NEWS

24×7 Around the Globe

යුද හමුදා සෙබලා ගුවන් සේවිකාවට සිදු කළ දේ මෙන්න…

 

ගුවන් සේවිකාවක් දුෂණය කළ පුද්ගලයෙකු වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර – මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි යුද හමුදාවේ සේවය කර ඉන් ඉවත් වූ සෙබලෙකු බව පොලිසිය පවසා තිබේ.

රාජගිරිය – කලපලූවාව – පළමුවන පටුමගේ, කුලී නිවසක පදිංචිව සිටි 31 හැවිරිදි අවිවාහක මෙම තරුණිය දුෂණයට ලක්ව ඇත්තේ ඊයේ (27) රාත්‍රී 10 යි 45 ට පමණ බව වාර්තා වේ.

ඇය සේවය නිමවී ඊයේ(27) රාත්‍රියේ නවාතැන වෙත පැමිණීමෙන් පසු නින්දට ගොස් ඇති අතර අනතුරුව නිවස තුළ සැගව සිටි සැකකරු ඇගේ කාමරයේ දොර කඩා ඊට ඇතුළු වී එහිදී ඇයව සැකකරු විසින් දුෂණයට ලක් කර බවත් පරීක්ෂණ පවත්වන වැලිකඩ පොලිසියේ උසස් නිලධාරියෙකු සදහන් කර තිබේ.

පොලිසිය සදහන් කළේ එම අවස්ථාවේදී අදාළ පුද්ගලයාගෙන් බේරී නිවසේ නාන කාමරය වෙත ගොස් ඇති මෙම තරුණිය සිද්ධිය පිළිබදව සිය ජංගම දුරකථනයෙන් ඥාතීන් දැනුවත් කර ඇති බවයි.

අනතුරුව, මුර සංචාරයේ යෙදුණු වැලිකඩ පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු තරුණිය රැදී සිටි නිවසට යාබදව අලූතින් ඉදිකෙරෙන ගොඩනැගිල්ලක සේවය කරන අයෙකු බව පොලිසිය සදහන් කර තිබේ.

මේ වනවිට දුෂණයට ලක් වූ ගුවන් සේවිකාව කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇති අතර ඇය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව ද පොලිසිය සදහන් කර තිබේ.