FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් මහේන්ද්‍රන් විදෙස් ගත වූ හේතුව රනිල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි…

මහ බැංකු අධිපති රටින් පැනල ගොස් නොමැති බවත් ඔහු විවාහ මංගල්‍යකට එක්වීම සඳහා සිංගප්පූරුවට ගිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා ඉහත අදහස් දක්වා තිබේ.

පසුගිය සතියේදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා තමාට හමුවූ අවස්ථාවේදී විදෙස් ගත වෙන බවට පැවැසූ බවත් අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

“උදයංග වීරතුංග වගේ පැනලා ගිහින් නෑ. එතුමා ආපසු එනවා” යැයි අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.