FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීපාද රක්ෂිතයේ අක්කර 82 විකුණුවේ කාටදැයි තෙත්බිම් උරුමය හෙළි කරයි…

 

ලෝක උරුමයක් වන ශ්‍රීපාද රක්ෂිතයේ අක්කර 82ක් හෝටල් ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා එක්සත් එමීර් රාජ්‍යයට අයත් සමාගමකට ලබාදී තිබෙන බව තෙත්බිම් උරුමය සංවිධානය සඳහන් කර තිබේ.

මස්කෙළිය හා නල්ලතන්නියට අතර මැද ප්‍රදේශයෙන් මෙම අක්කර 82ක ප්‍රමාණය ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්, මේ නිසා ලෝක උරුම තත්වයත් දැඩි අනතුරකට ලක්විය හැකි බවද එම සංවිධානයේ ලේකම් කැලුම් තුෂාර මහතා සඳහන් කර තිබේ.

මෙරට තුළ ක්‍රියාත්මක දුරකථන සමාගමක් විසින් මෙහි ඉදිකිරිම් කටයුතු සිදුකිරිමට නියමිත බවද හෙතෙම පවසා තිබේ.

ශ්‍රීපාද කඳු මුදුනේ ආදම්ගේ පාසටහන් ඇති බවට විශ්වාස කර ඒ සඳහා ඉස්ලාම් බැතිමතුන් ගෙන්වාගැනීම සඳහා මෙම හෝටල් ව්‍යාපෘතිය සිදුකරන බවට වාර්තාවන බවද ලේකම්වරයා සඳහන් කර තිබේ.