FAST NEWS

24×7 Around the Globe

යාපනය කැළඹූ ‘ආවා’ කල්ලියේ නායකයා මෙන්න…

 

යාපනයේ කප්පම් ගැනීම් සහ කොල්ලකෑම්වලට සම්බන්ධ ‘ආවා’ කල්ලියේ නායකයා පාතාල කල්ලියක ප්‍රධානියකු ලෙස කටයුතු කළ සෙන්දුරන් නැමැත්තා බව අනාවරණය වී තිබේ.

පසුගිය මැයි මස ‘ආවා’ කල්ලියේ නායකයා වූ කුමාරලේරත්නම් විනෝදන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමෙන් පසු සෙන්දූරන් එහි නායකයත්වය භාරගෙන තිබේ.

සෙන්දූරන්ගේ මෙහෙයවීම යටතේ 13 ක පිරිසක්‌ ‘ආවා’ කණ්‌ඩායමට සම්බන්ධ වී ඇති අතර මොවුන් අච්චුවේලි, මනිපෙයි, කෝපෙයි සහ චුන්නක්‌කම් ප්‍රදේශවල පදිංචිකරුවන් බව බුද්ධි අංශවලට වාර්තා වී තිබේ.