FAST NEWS

24×7 Around the Globe

මධූෂා දේශපාලනයට.

ටෙලි නාට්‍ය හා සිනමා රංගන ශිල්පිණියක් වූ මධූෂා රාමසිංහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නැගෙනහිර කොළඹ ආසන සංවිධායිකාව වශයෙන් පත් කර තිබෙනවා. මධූෂා ඇයගේ දේශපාලන පත්වීම සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ඇයගේ ෆේස්බුක් ගිනුමෙ සටහන් කරලා තිබුණා.

“මම දේශපාලණයේ ක්‍රියාකාරී වෙන්න තැනක් හෙව්වා. බඩ ගැන නොහිත රට ගැන හිතන නායකත්වයක් හෙව්වා. හොයපු තැන හම්බවුනා…. තමන්ගෙ බඩට වඩා රට ගැන හිතන්න. පූර්වාදර්ශී නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් අද දින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආසන සංවිධානයක වරුන් වශයෙන් පත් වූ අප සැමට ලැබුනු අවවාදය එයයි. සැබැවින්ම අපි එය ඉටු කරන්ට එකා වන්ව එක්සිත්ව කටයුතු කරනවා.ශ්‍රී ලංකා මාතාවගේ සියලූම දරු පැටවුන්ට සර්ව සාධාරණය ඉටු වන යුගයක ඇරඹුම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළින් අපි ගොඩනගනවා. ඒ වෙනුවෙන් එක් වෙන්න…. ප්‍රජාතන්තවාදී පක්ෂයටත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටත් ජයෙන් ජයම වේවා!”
මධූෂා රාමසිංහ
නැගෙනහිර කොළඹ ප්‍රධාන ආසන සංවිධායිකා- ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

රගපාන අය දේශපාලනයට එන එක අලුත් දෙයක් නෙමේ. අපේ රටේ නළුවන්ට වඩා රංගන ශිල්පිණියො තමා දේශපාලනය එන්න වැඩි උන්න්දුවක් ඇති බව පේන්න තියෙන්නෙ. දැන් ඉදිරියට මැතිවරණ කාලයක් එනවා. රංගනයට සම්බන්ධ අයත් මේ දේශපාලන පොර පිටියෙ ඉන්නවා. කව්රු දිනයිද කව්රු පරදියිද කියන්න දන්නෙ නැහැ.