FAST NEWS

24×7 Around the Globe

ඉරානයෙන් මාරාගෙන මැරෙන ඩ්‍රෝන යානයක් එළි දක්වයි..

මුහුදේ සහ ගොඩබිම ඉලක්ක හඹා ගොස් පිපිරී විනාශ වන ඩ්‍රෝන යානයක් හෙවත් මරාගෙන මැරෙන ඩ්‍රෝන යානයක්  ඉරානය විසින් ඊයේ  (26)  එළි දැක්නීමට කටයුතු කර ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මුහුදේ ජල මට්ටමට අඩි දෙකක් පමණ සමීපව පැයට කිලෝමීටර් 250 ක පමණ වේගයකින් ගමන් කළ හැකි මෙම ඩ්‍රෝන් යානයට පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගෙන යා හැකි බව පැවසේ.

කෙසේ නමුත් එය නුදුරේදී මිසයිලවලින් සන්නද්ධ කොට භාවිතයට ගැනීමේ සූදානමක් නොමැති බව ඉරාන රජය ප්‍රකාශ කර ඇති බව එම වාර්තා වැඩි දුරටත් පවසයි.