FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තය දෙකට දෙක කරයි – ඉන්දීයාවට ලකුණු 19 ක පරාජයක්..

ඉන්දීය කණ්ඩායම සමග පැවති පැවති  සිව් වන එක්දින තරගයෙන් ලකුණු 19 ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (26) සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 07 ක් පමණක් දැවී ලකුණු 260 ක් රැස් කර ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් ජයග්‍රාහී ලකුණු 261 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 48 යි පන්දු 04 කදී සියළු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 241 ක් පමණී.

එ සමගම තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-2 ලෙස සම තත්වයට ගෙන එමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිරඹයක නිරත වු මාටින් ගප්ටිල් පන්දු 84 කදී ලකුණු 72 ක් රැස් කළේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අජන්ක්යා රහානේ ලකුණු 54 ක් සහා විරාත් කෝලී ලකුණු 45 ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවිමේදි නවසීලන්තයවෙනුවෙන්  ටි.ජී සවුති ලකුණු  40 කට කඩුලු 03 ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු පුවරුව පහතින්…

aaaaaaaaaaaaaaaaaaa bbbbbbbbbbbbbbbb