FAST NEWS

24×7 Around the Globe

හිලරි ක්ලින්ටන් තුන්වෙනි ලෝක යුද්ධයකට අත වනන බව ට්‍රම්ප් කියයි…

ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන්ගේ සිරියාව සම්බන්ධයෙන් පවතින විදේශ ප්‍රතිපත්ති සැලැස්ම තුන්වෙනි ලෝක යුද්ධයකට හේතු විය හැකි බව රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට එම ධුරයෙන් ඉවත්වන ලෙස බල කරනවා වෙනුවට ඇමරිකාව කළ යුත්තේ එරට ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය පරාජය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම බව ජනාධිපති අපේක්ෂක ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.

සිරියානු ගුවන් ප්‍රදේශය තුළ පියාසර මුක්ත කලාපයක් ඇති කිරීමෙන් මිනිස් ජීවිත ආරක්ෂාකර ගැනීමටත්, යුද්ධයට කඩිනම් අවසානයක් ගෙනදිය හැකි බවටත් හිලරි ක්ලින්ටන් යෝජනා කරන්නීය.

එම ප්‍රතිපත්තිය රුසියානු ප්‍රහාරක යානා සමග ගැටුමකට මුල පිරීමකට හේතු විය හැකි බව විවේචකයෝ පවසති.